
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටිකෑම නිසා මහපාරේ මියගිය 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වනවාට තමන් අකැමැති බවට” කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අද (10) දින කැඳවා ඇති බව ‘දිනමිණ’ වාර්තා කරයි.
නාරාහේන්පිට පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ උදෑසන 10.30ට පැමිණෙන ලෙස සාගර කාරියවසම්ට දැනුම්දී ඇතැයි එහි උසස් නිලධාරියෙක් පවසා ඇත.
මෙම ප්‍රකාශය මඟින් පොලිස්පතිවරයාට තර්ජනයක් එල්ල වී ඇති බව සඳහන් කරමින් ඒ ගැන විමර්ශනයක් පවත්වන බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 06 වැනිදා කරුණු වාර්තා කිරීමට ද පියවර ගත්තේය.
එම ප්‍රකාශය වාර්තා කළ ජනමාධ්‍ය නාළිකාවලට එම ප්‍රකාශය සම්බන්ධයෙන් සංස්කරණය නොකළ දර්ශන ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස එහිදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඊට අධිකරණයෙන් අවසර ලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart