August 10, 2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ඇප මත මුදාහැර තිබේ.

ඒ, කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගකට අනුවයි.

පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධව අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබූ අතර අනතුරුව අද පස්වරුවේ ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.