
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තරඟ පාවාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබාදී තිබේ.
සචිත්ර සේනානායක මේ මස මුලදී (සැප් 06) අත්අඩංගුවට ගනු ලැබුවේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට භාර වීමෙන් පසුවය.
2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේදී තරඟ පාවාදීම් සිදුකිරීමට කිරීමට උත්සාහ කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
සචිත්ර සේනානායක 2020 වසරේ LPL තරඟාවලියේ පළමු පියවරේදී ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුට තරඟ පාවාදීම් සඳහා පෙළඹවීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වේ.
ඔහු පසුගිය සැප්තැම්බර් 13 වැනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට රැගෙන ආවේ තරග පාවාදීමේ චෝදනාවලට අදාළව ලැබුණු හඬ පටයට අදාළ හඬ පරීක්ෂණයක් සඳහාය.
පසුව ඔහු අද (සැප් 25) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
තමා සහ සිය පවුලේ අය අපකීර්තියට පත්කිරීම අරමුණු කරගත් පදනම් විරහිත චෝදනා බව පවසමින් සචිත්ර එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
සචිත්ර සේනානායක (38) 2012 සිට 2016 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට, එක්දින තරග 49කට සහ විස්සයි20 තරග 24කට ක්‍රීඩාකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart