
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුරාවෘත්තයක් වන මුත්තයියා මුරලිදරන්ගේ චරිතාපදානය අළලා නිර්මාණය කළ ‘800’ චිත්‍රපටයේ එළිදැක්වීමේ උත්සවයට සහභාගී වන ලෙස ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට ආරාධනා කර තිබේ.
හෙට මුරලිගේ චරිතාපදාන චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මුම්බායිහිදී නිකුත් කිරීමට නියමිතය.
51 හැවිරිදි මුරලි 2010 ජූලි 22 වැනි දින ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරඟයකදී සිය 800 වැනි කඩුල්ල ලබාගනිමින් ටෙස්ට් දිවිය අවසන් කළේය.
අහඹු ලෙස මුරලි ඉන්දියාවේ ඥාතියකුද වෙයි. ඔහු 2005 මාර්තු 21 වැනි දින විවාහ වූයේ චෙන්නායිහි උපන් මදිමලර් රාමමූර්ති සමඟ ය.
මෙම චිත්‍රපටයේ මුරලිගේ සහ ඔහුගේ බිරිඳගේ චරිත නිරූපණය කරන්නේ මධුර් මිට්ටල් සහ මහිම නම්බියාර් විසිනි.
චිත්‍රපටයේ රූගත කිරීම් ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එංගලන්තයේ සිදු විය.
හෙට සිදුවන එළිදැක්වීමට චිත්‍රපටයේ නළු නිළියන් සහ කාර්ය මණ්ඩලය සමඟ මුරලිද පැමිණීමට නියමිතය.
එසේම මෙම අවස්ථාවට සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියටද ආරාධනා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart