
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්කරන ලද්දේ ‘අරගලය’ විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.
එසේම අරගලයට සහාය ලබාදුන් තුන්වන පාර්ශ්වය කුමක්දැයි ළඟදීම හෙළිවනු ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“අපි විතරක් නෙවෙයි අරගලයට පක්ෂව හිටපු ජනතා විමුක්ති පෙරමුණ පවා දැන් කියනවා අරගලයට විදේශ තානාපති කාර්යාලවල කාර්යභාරයක් තිබුණා කියලා. අපිත් එක්ක හිටපු සහෝදර මන්ත්‍රීවරයෙක් ඒ විස්තර හෙළිකරමින් පොතක් පවා ලියා තිබෙනවා” යැයි මන්ත්‍රීවරයා පැවැසීය.
ජනතා විමුක්ති පෙරමුණ අරගලයේ කොටස්කරුවන් බවත්, ඒ නිසා අරගල පිටුපස විදේශ දූත මණ්ඩල සිටින බවට ඔවුන්ම දැන් හෙළි කරන්නේ නම් වැඩි විස්තර ළඟදීම මතුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“දැන් තියෙන්නේ අරගලය විසින් පත්කළ ආණ්ඩුවක්. අරගල නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා, මේ කැබිනට් එකත් පත්වෙලා තියෙන්නේ” යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart