
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2019 වසරේ ලොවම මවිතයට පත්කළ හ්වාල්ඩිමීර් නම් බෙලූගා තල්මසා මියගොස් තිබේ.
විදෙස් ජනමාධ්‍ය පවසන්නේ තල්මසා මියගොස් සිටියදී නෝර්වේ රාජ්‍යයෙන් හමුවී ඇති බවයි.
අඩි 14ක් දිග සහ රාත්තල් 2,700ක් බරැති තල්මසා වසර පහකට පෙර කැමරාවක් අවිකර කර ඇති බව පෙනෙන පටියක් ශරීරයේ සවිකර තිබියදී හමුවී තිබිණි..
එබැවින් තල්මසා ඔත්තු ලබාගැනීමට භාවිත කරන බවට මතු වූ සැක හේතුවෙන් එම සත්ත්වයා හඳුන්වනු ලැබුවේ ‘හ්වාල්ඩිමීර් ද ස්පයි වේල්’ යන අන්වර්ථ නාමයෙන්.
එම සත්ත්වයා රුසියාවට ඔත්තු සපයන බව පාර්ශව රැසක් පැවැසීය.
තල්මසා සඳහා නෝර්වීජියානු වචනයක් වන හ්වාල් සහ රුසියානු නමක් වන ව්ලැදිමීර් යන වචනයේ සම්මිශ්‍රණයක් වන ‘හ්වාල්ඩිමීර් බෙලූගා’ ඉතා ඉක්මණින් ගෝලීය ආකර්ෂණයට ලක්විය.
සාමාන්‍යයෙන් දුරස්ථ හා ශීතල ආක්ටික් ජලයේ වාසය කරන අනෙකුත් බෙලූගා තල්මසුන් මෙන් නොව, හ්වාල්ඩිමීර් මිනිසුන් වටා අසාමාන්‍ය ලෙස සහ සුවපහසු ලෙස පෙනීසිටි බව විදෙස් ජනමාධ්‍ය සඳහන් කරයි.
එබැවින් හ්වාල්ඩිමීර්, ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් වහල්භාවයේ සිටි බව අන්තර්ජාතික විචාරකයන් මත පළකර ඇත.
මෑතකාලීනව හ්වාල්ඩිමීර් නෝර්වේ රාජ්‍යය ආසන්න මුහුදු සීමාවේ නිරන්තරයෙන් දක්නට ලැබී තිබේ.
එහිදී නෝර්වේ රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ, ඔස්ලෝ නගරයට ආසන්නව දුටු හ්වාල්ඩිමීර් සමඟ කිසිදු ආකාරයක සම්බන්ධතාවක් පැවැත්වීමෙන් වළකින ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart