
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සංචාරයක නිරතව සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මෙරට බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී මෙරටට පිරිපහදු කළ ඉන්ධන සැපයීමට එකඟ වී ඇති බව පවසා තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර ප්‍රකාශ කළේ, අදාළ ඉන්ධන ප්‍රමාණය සහ නිශ්චිත ඇණවුම් පිළිබඳව හෙට (27) පැවැත්වීමට නියමිත වැඩිදුර සාකච්ඡාවලදී තීරණය කරන බවයි.
මෙරටට පැමිණි රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සහ කුමාර ජයකොඩි, අනිල් ජයන්ත යන අමාත්‍යවරුන් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්විණි.
මේ අතර රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් අද කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබේ.
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදුවන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
උද්ගතව ඇති ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මනා අවබෝධයක් රුසියාවට පවතින බව සඳහන් කළ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා බලශක්ති ක්ෂේත්‍රය තුළ පමණක් නොව තාක්ෂණික, යන්ත්‍රෝපකරණ ආදී ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවද පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart