
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයට එහි පසුතල අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන ඉන්දික මාරසිංහ පත්කිරීම මේ වන විට සංස්ථාවේ අභ්‍යන්තර අර්බුදයක් බවට පත්ව තිබේ.
ඉන්දික මාරසිංහ ඊයේ (29 වැනිදා) වන විටත් නව ධූරයේ වැඩ භාරගැනීමට පැමිණ නොමැති අතර, ඔහු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය සමග පසුතල අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුර ද ඉල්ලා සිටීම ඊට හේතු වී ඇතැයි සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මීට වසර කිහිපයකට පෙර ඉන්දික මාරසිංහ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සමයේ ප්‍රවෘත්ති කාර්ය මණ්ඩලයෙන් එල්ල වූ විරෝධය යළි එල්ලවීමට පටන් ගෙන තිබෙන බවත් මේ නිසා ඔහු අධ්‍යක්ෂධූරය භාර නොගැනීමට බොහෝදුරට ඉඩ තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම සම්මුඛ පරීක්ෂණයකින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂධූරයට පත් වූ තිලක් මහගමගේ කිසිදු චෝදනාවකින් තොරව ඉවත් කළ නොහැකිය යන්න කාර්ය මණ්ඩලයේ අදහස වී තිබේ.
තිලක් මහගමගේ පසුතල අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කර ඇත්තේ එම අංශයේ අධ්‍යක්ෂවරයකු සිටිය දී වීම කාර්ය මණ්ඩලවල විමතියට හේතු වී ඇත.
එමෙන්ම සම්මුඛ පරීක්ෂණයකින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂධූරයට පත්ව සිටින තිලක් මහගමගේට එරෙහි චෝදනාවක් විභාග කර නොමැති හෙයින් පහළ තනතුරකට ඔහු පත් කිරීමට හැකියාවක් නොමැති වීම ගැටලුව තවත් සංකීර්ණ වීමට හේතු වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.
ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන සම්බන්ධ පුවත් සඳහා වැඩි ඉඩක් වෙන් නොකිරීම ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව වන නමුත්, මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පවත්වා නැත.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart