
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉහළ යන ජීවන වියදම හමුවේ Harry Potter And The Cursed Child වේදිකා නාට්‍යය එහි මුල් ආකෘතියට අනුව කොටස් දෙකකින් පවත්වාගෙන යාම කළ නොහැක්කක් වී ඇති බව එහි නිෂ්පාදකවරිය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, මෙම නිෂ්පාදනය පැය තුනක තනි දර්ශනයක් ලෙස සංශෝධනය කර ඇති අතර, ලබන මාසයේදී ලන්ඩනයේ වෙස්ට් එන්ඩ් රංග පීඨයේදී නැවත ආරම්භ කිරීමට නියමිතය.
“කොවිඩ් වසංගතයෙන් පසුව, නාට්‍ය නිෂ්පාදන වියදම් ඇතුළුව ජීවන වියදම 30% සිට 40% දක්වා ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා,” යනුවෙන් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නිෂ්පාදිකා සෝනියා ෆ්‍රීඩ්මන් පැවසුවාය.
“මෙය කොටස් දෙකකින් යුත් නාට්‍යයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට හැකි එකම ක්‍රමය වන්නේ ප්‍රවේශපත්‍ර සඳහා දැරිය නොහැකි සහ අසාධාරණ අධික මුදලක් අය කිරීම පමණයි.”
ජේ කේ රෝලින්ගේ සුප්‍රකට කෘති මාලාවේ ඉදිරි දිගුවක් ලෙස නිර්මාණය වූ මෙම කොටස් දෙකේ නාට්‍යය, ප්‍රථම වරට 2016 වසරේදී වෙස්ට් එන්ඩ් හිදී වේදිකාගත වූ අතර, එහි දර්ශන වාර පසුගිය සැප්තැම්බර් 20 වැනිදායින් අවසන් විය.
ලන්ඩන් වෙස්ට් එන්ඩ් නිෂ්පාදනයට සිදු කළ මෙම වෙනස්කම්, 2021 වසරේදී ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බ්‍රෝඩ්වේ හිදී මෙම නාට්‍යය තනි දර්ශනයක් ලෙස නැවත ආරම්භ කිරීමට ගත් තීරණය අනුගමනය කරමින් සිදු කර ඇත.
“වසංගත තත්ත්වය, ඉහළ යන ජීවන වියදම සහ ලොව පුරා පවතින යුදමය වාතාවරණය නිව්යෝර්ක් හිදී එම තීරණය ගැනීමට බලපෑ අතර, ලන්ඩනයේ නාට්‍ය දර්ශන සඳහාද අපට මුහුණ දීමට සිදුව ඇත්තේ එම යථාර්ථයටමයි,” යනුවෙන් ෆ්‍රීඩ්මන් වැඩිදුරටත් සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart