September 25, 2026

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ අමෙරිකානු සංචාරයට එක්ව සිටින ඔහුගේ ආර්යාව වන පෙං ලීයුවාන්, වොෂිංටනයේ පිහිටි ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට එක්වූවාය.

ඒ, ඇමරිකා ජනාධිපතිවරයාගේ ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් සමගය.

මෑත වසරවලදී ඇමරිකා පාර්ශ්වය චීන සංස්කෘතික නටබුන් රාශියක් චීනයට ආපසු ලබා දීම පිළිබඳව ප්‍රශංසාව පළ කළ පෙං ලීයුවාන් එහිදී පැවසුවේ චීනය සහ ඇමරිකාව අතර සංස්කෘතික හුවමාරු සහ ශිෂ්ටාචාර උරුමයන් සුරැකීමේ සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කළ යුතු බවයි.

එමගින් දෙරටේ ජනතාව අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඇය ප්‍රකාශ කළාය.

එය නැරඹීමෙන් පසු, පෙං ලීයුවාන් සහ මෙලානියා ට්‍රම්ප් ඇමරිකා තරුණ ගායක කණ්ඩායමක් චීන ගීත ගායනා කරන ආකාරය නැරඹූහ. චීන භාෂාව සහ චීන සංස්කෘතිය ඉගෙනීම අඛණ්ඩව සිදු කරමින් චීන-ඇමරිකා මිත්‍රත්වයේ දූතයන් බවට පත්වන්නැයි පවසමින් පෙං ලීයුවාන් එහි රැස්ව සිටි දරුවන් දිරිගැන්වූවාය.