
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුහුණු ජනතා පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසාගේ නාමයෝජනාව භාරදීමේ අවස්ථාවට සහභාගී වූ රන්දිමාල් ගමගේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ අත්අඩංගුවට ගැනුණු ඔහු වැලිකඩ පොලිස් ස්ථානයේ රඳවාගෙන තිබූ අතර අද දින අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
රන්දිමාල් ගමගේ රුහුණු ජනතා පෙරමුණේ නියෝජිතයන් 6 දෙනාගෙන් එක් අයකු ලෙස මැතිවරණ කොමිසන් සභාවට තොරතුරු යැවීමෙන් අනතුරුව ලබාගත් නිල අවසර පත්‍රයක් ද සහිතව නාමයෝජනා භාරදීමේ අවස්ථාවට සහභාගී වූ බව එම පක්ෂයේ මහලේකම් නිසන්සලා කුමාරි පවසයි.
සිදුවීම පිළිබදව රන්දිමාල් ප්‍රකාශ කරන ආකාරයට සිය පක්ෂයේ නිලධාරීන් තිදෙනා දෙවැනි මහලේ නාමයෝජනා ලබාදෙන ස්ථානයේ සිටියදී තමන් විසින් ගෙන ආ විරෝධතාව අඩංගු ලිපිගොනුව ලබාගැනීම සදහා පක්ෂයේ මහලේකම් නිසන්සලා යන අය විසින් තමන්ව එහි සෝපානය අසලට ගෙන්වාගෙන තිබේ.
එය තමන් විසින්ම භාරදිය හැකිදැයි විමසූ විට එහි සිට නිලධාරීන් තමාට මුලින් විමසීම් කවුළුව (Help Desk) වෙතද, ඉන් අනතුරුව නාමයෝජනා භාරදෙන ස්ථානය වෙතද යොමුවන ලෙස උපදෙස් දීම හේතුවෙන් ඔහු අදාළ ස්ථානයට ඇතුළු වී ඇත්තේ ඉන් අනතුරුවය.
අනතුරුව ඔහු විසින් අදාළ විරෝධතාව භාරදීමේදී එහි සිටි නිලධාරීන් ඔහුට එහි සිටීමට ඇති අවසරය ගැන ප්‍රශ්න කර ඇති අතර ඔහුගේ පක්ෂයේ මහ ලේකම්වරියද ඔහු වෙනුවෙන් ඉදිරිපත්ව අනන්‍යතාව සහතික කර තිබේ.
කෙසේවෙතත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
තමාට අවශ්‍ය වූයේ නාමල් රාජපක්ෂ යන අය “අරගලයේ තරුණ නියෝජනය” ලෙසත් නුවන් බෝපගේ යන අය ” අරගලයේ අපේක්ෂකයා” ලෙසත් ප්‍රචාරණයන් කරවීම තුළ ඡන්ද දායකයා නොමඟ යැවීමක් සිදුවන බවට සිය විරෝධය මැතිවරණ කොමිසමට භාරදීම බව ඔහු පවසයි.
ඊයේ වැඩසටහන නියම කර ඇති ක්‍රියාවලිය අනුව පක්ෂයේ අපේක්ෂකයා, මහ ලේකම් සහ එක් නියෝජිතයෙක්ට දෙවැනි මහලේ නාමයෝජනා භාරදෙන අවස්ථාවට සහභාගී වීමට අවස්ථාව ලබාදී තිබූ බව වාර්තා වේ.
මෙම සිදුවීම සියලු පාර්ශවයන්ගේ ක්‍රියාවලීන් සහ වගකීම් පිළිබඳ ප්‍රශ්න සහගත බවක් නිරීක්ෂණය වේ.
තමන් කිසිදු අවස්ථාවක බලහත්කාරයෙන් ඇතුළුවීමක් හෝ කලබලකිරීමක් නොකළ බවත් නිලධාරීන්ගේ උපදෙස් පරිදි කටයුතු කළ බවත් රන්දිමාල් ප්‍රකාශ කරයි.
කෙසේවෙතත් අවසානයේ රන්දිමාල් ගමගේට දිනක් පොලිස් කූඩුවේ ගත කිරීමට සිදු වීම ඉතාමත්ම ශෝචනීය තත්ත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart