
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළමුවරට ලෝක කුසලාන රග්බි තරගාවලියකට එක්වන චිලී දේශය ප්‍රසාද ලකුණක් ද සමගින් පරාජය කරන්නට D කාණ්ඩයේ තමන්ගේ පළමු තරගයේදී ජපානය සමත් විය.
රග්බි ලෝක කුසලානයකට ක්‍රීඩා කරන 26 වැනි රට චිලී වන අතර මිනිත්තු හයක් ඇතුළත රොද්‍රිගෝ ෆර්නැන්ඩස්ගේ ආරම්භක උත්සාහක දිනුමත් සමඟින් චිලී ක්‍රීඩකයින් මුලදී පෙරමුණ ගත් නමුත් ජපානය ඉක්මනින්ම තරගයේ පාලනය නතු කර ගත් අතර පළමු අර්ධය අවසන් වන විට ලකුණු 21-7ක් ලෙස ඉදිරියෙන් සිටියේය.
අල්ෆොන්සෝ එස්කොබාර් චිලී පිලේ පරතරය අඩු කළ නමුත් මයිකල් ලීච් ජපානයේ ප්‍රසාද ලකුණ තහවුරු කළේය.
ඒ අනුව තරගය නිමා වූයේ 42-12ක් ලෙස ජපානයට D කාණ්ඩයේ පෙරමුණේ තබමිනි.
Amato Fakatava ජපානය වෙනුවෙන් උත්සාහ දිනුම් ද්විත්වයක් වාර්තා කිරීමට සමත් විය.
Brave Blossoms තමන් විසින් සත්කාරකත්වය දැරූ 2019 ලෝක කුසලාන තරගාවලියේදී පළමුවරට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර ප්‍රංශයේදී එම ජයග්‍රහණය නැවත ලබා ගැනීමට එංගලන්තය හෝ ආර්ජන්ටිනාව පරාජය කිරීමට අවශ්‍ය වනු ඇත.
තරගයේ විශේෂ අවස්ථා නරඹන්න පහත දිගුවට පිවිසෙන්න
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart