
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රජයෙන් පිරිනමන අස්වැසුම දීමනා මුදල්වලින් රුපියල් ලක්ෂ 29කට අධික වටිනාකමකින් යුත් දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුකිරීමේ චෝදනාව මත නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ නිලධාරිනියන් දෙදෙනකු හැටන් විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිනියන් දෙදෙනා අවුරුදු 30 සහ 33 යන වයස්වල පසුවන අය වන අතර, ඔවුන් 2025 වසරේ සිට මේ දක්වා කාලය තුළ රුපියල් 2,989,500ක මුදලක් මෙලෙස වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අස්වැසුම දීමනා ලබාදීමේදී සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අඛණ්ඩව පැමිණිලි ලැබී තිබිණි.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කෙරුණු අතර, පරීක්ෂණවලට බාධාවක් නොවීම සඳහා අදාළ නිලධාරිනියන් දෙදෙනා අඹගමුව සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකිරීමට පියවර ගැනිණි.
පසුව නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කරන ලද නිල පැමිණිල්ලකට අනුව හැටන් විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අස්වැසුම වංචා සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකාරිනියන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart