
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇඟලුම් ව්‍යාපාර කටයුත්තක් සඳහා බව පවසමින් ප්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරක බ්‍රයන් තෝමස් දිනේෂ් ෂාෆ්ටර්ගෙන් 2017 වසරේදී ලබාගත් රුපියල් 1.437,358,665ක් වෙනුවෙන් අගරු වෙක්පත් 20ක් ලබාදී වංචාවක් කර ඇති බව ෂාෆ්ටර්ගේ මූල්‍ය ආයතනක ගණකාධිකාරිවරියක් වන නාලිකා තුෂාරී කළුආරච්චි ඊයේ (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසුවාය.
දිනේෂ් ෂාෆ්ටර් ජීවත්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර තිබූ පැමිණිල්ලක් ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී ඊට අදාළව පැවැති සාක්ෂි විභාගයේ දී ගණකාධිකාරිවරිය මේ බව ප්‍රකාශ කළාය.
ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක් හා සම්බන්ධව ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමට මුදල් අවශ්‍යව ඇති බවත් එහි ප්‍රතිලාභ දිනේෂ් ෂාෆ්ටර්ටත් ලබාදිය හැකි බවත් පවසමින් සැකකාර බ්‍රයන් තෝමස්, ෂාස්ටර්ගෙන් රුපියල් එකසිය හතලිස් තුන් කෝටි හැත්තැ තුන් ලක්ෂ පනස් අටදහස් හයසිය හැටපහක මුදලක් ලබාගත් බවද ඇය ප්‍රකාශ කළාය.
එසේ ලබාගත් මුදල් වෙනුවෙන් බ්‍රයන් තෝමස් දිනේෂ් ෂාෆ්ටර්ට චෙක්පත් 20ක් ලබාදුන් නමුත් එම චෙක්පත් සියල්ලම අගරු වී තිබූ බවද ඇය සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් ෂාෆ්ටර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත 2019 වසරේදී පැමිණිලි කළ බවද ඇය පැවසුවාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සැරයන් 23972 විජිත රාජපක්ෂ පැමිණිල්ල මෙහෙය වූ අතර එහිදී ඇය මේ බව කියා සිටියාය.
මෙම සිද්ධියට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව මගින් සැකකාර බ්‍රයන් තෝමස්ට එරෙහිව චෝදනා 20ක් යටතේ නඩු 07ක් ගොනුකර ඇති බවද අධිකරණයේ දී හෙළිවිය.
බොරැල්ල කනත්ත ප්‍රදේශයේදී සිදු වූ අභිරහස් සිද්ධියකින් අනතුරුව 2022 වසරේ දෙසැම්බර් මාසයේදී දිනේෂ් ෂාෆ්ටර් මියගොස් ඇති අතර, එම මියයෑම ඝාතනයක් බව ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ වෛද්‍ය මණ්ඩලයක් මගින් තහවුරු කර තිබිණි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart