
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමාගේ ප්‍රතිරූපයට හානි කරමින් පළකර ඇති ව්‍යාජ පුවත් හා තොරතුරු පළකර ඇති ‘පුවත්පත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා අනෙකුත් සමාජ මාධ්‍ය ගිණුම් හිමියන්ට’ එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බව නිළියක වන රිතූ ආකර්ෂා නිවේදනය කර ඇත.
සිය සමාජ ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරමින් රිතූ ආකර්ෂා වැඩිදුරටත් මෙසේ පවසා ඇත.
‘ප්‍රසිද්ධ ප්‍රකාශයයි
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩු අංක HCB 387/25 යටතේ ප්‍රසිද්ධ දේශපාලකයෙකුට එරෙහිව පවරා ඇති නඩුකරයට අදාළ අධිචෝදනාපත්‍රයේ DFCC බැංකුවේ රිතූ ආකර්ෂා යන අයගේ ගිණුම් අංක 027104000818 යන ගිණුමට 2010 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා, මුදල් බැර කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ගොනු කර ඇති අතර, ප්‍රසිද්ධ/ වගකිවයුතු පුවත්පත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙබ් අඩවි මඟින්, මාගේ රූපය හා මාගේ නම භාවිතා කරමින් එකී ගනුදෙණුවට මා සම්බන්ධ කරමින් හා/හෝ මා සම්බන්ධ බවට ඉඟි කරමින් පුවත් පළකර ඇත.
කෙසේ වෙතත්, මා වගකිවයුතු ලෙස ප්‍රකාශ කරන්නේ , ඉහත කී DFCC බැංකුවේ කිසිදු ගිණුමක් මේ දක්වා මා හට නොමැති බවත්, ඉහත අංක 027104000818 යන ගිණුම මා සතු ගිණුමක් නොවන බවත් ය. ඒ බව සනාථ කරමින් මාගේ ඉල්ලීම මත, DFCC බැංකුව විසින් නිකුත් කර ඇති ලිපිය මේ සමඟ අමුණා ඇත.
තවද, අධිචෝදනාපත්‍රයේ සඳහන්ව ඇති 2010-2012 කාල පරිච්ඡේදයේ දී මා පාසල් ශිෂ්‍යාවක් බවත් මම දන්වා සිටිමි.
ඒ අනුව, මාගේ ප්‍රතිරූපයට, වෘත්තීමය කීර්තියට හානි කරමින්, මා සම්බන්ධ කරමින් හා/හෝ මා සම්බන්ධ බවට ඉඟි කරමින් ව්‍යාජ පුවත් හා තොරතුරු පළ කර ඇති පුවත්පත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා අනෙකුත් සමාජ මාධ්‍ය ගිණුම් හිමියන්ට එරෙහිව දැනටමත් නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එකී ව්‍යාජ, සංස්කරණය කරන ලද තොරතුරු මාගේ ප්‍රතිරූපයට, වෘත්තීමය කීර්තියට හානි කරමින් පළ කරනු ලබන ඕනෑම අයෙකුට විරුද්ධව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව තවදුරටත් දන්වා සිටිමි.
මෙයට,
රිතූ ආකර්ෂා’


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart