
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට හීලෑ අලි ඇතුන් අතර බරවා රෝගය පැතිරයෑමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල පවසයි.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගි වූ අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පැවැති විශේෂ පශු වෛද්‍ය සායනයෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහරට සහභාගි වූ අලි ඇතුන් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයකට ලක්කරන බව මහාචාර්ය දංගොල්ල සඳහන් කළේය.
දැනට සිටින බොහෝ හීලෑ අලි ඇතුන් වයස්ගත වන අතර, ඔවුන් ඉතා ඉක්මනින් රෝගවලට ගොදුරු වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වාදුන්නේය.
“අලි ඇතුන් අතර පැතිර යන රෝගයට ප්‍රතිකාර කරන්න පුළුවන්. රෝගය පැතිරෙන්නේ මදුරුවන් හරහා. තත්ත්වය පාලනය කරන්න හැකියාව තියෙනවා. මදුරු ගහනය පාලනය කරන ගමන් තත්ත්වය පාලනය කරන්න පුළුවන්. අලියා වයසට ගියොත් ආසාදනයවීමේ සම්භාවිතාව වැඩියි. මේ ලෙඩේ තියෙන අලියෙක් දැක්කොත් අපිට ප්‍රතිකාර කරන්න පුළුවන්.” යැයි මහාචාර්යවරයා පැවැසීය.
මීට අමතරව අලි ඇතුන් ක්ෂය රෝගය සඳහා ද පරීක්‍ෂා කරන බවත්, දැනට හීලෑ කළ අලි ඇතුන් අතරින් 50% ක් පමණ අක්ෂි රෝගවලින් පෙළෙන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart