
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) එක දිගට පැය 48ක් දිවීමෙන් ගිනස් ලෝක වාර්තා තුනක් (03) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) සුදුසුකම් ලබා ඇත.
යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) එක දිගට දිවීමෙන් ගිනස් ලෝක වාර්තා තුනක් (03) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) විසින් 2026 මාර්තු මස 20 වැනි දින ධාවනය ආරම්භ කෙරිණි.
026 මාර්තු 22 දින උදෑසන වන විට පැය 48ක කාලයක් අඛණ්ඩව ධාවනයේ යෙදීම සාර්ථකව අවසන් කළ ඔහු, නව ගිනස් ලෝක වාර්තා 03ක් පිහිටුවීමට සුදුසුකම් ලැබීය.
ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නාවික හමුදාව විසින් අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, මීට පෙර යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක පැය 12ක කාලයක් තුල කිලෝ මිටර් 94.30 දුරක් ධාවනයේ යෙදීමෙන් ඔහු විසින්ම තබා තිබූ ගිනස් ලෝක වාර්තාව බිඳදමමින්, පැය 12 ක කාලයකින් කිලෝ මීටර් 100.36 ක් එක දිගට ධාවනයේ යෙදීමෙන් පළමු ගිනස් ලෝක වාර්තාව තැබීමට සුදුසුකම් ලැබීය.
දෙවැනි ගිනස් ලෝක වාර්තාව සඳහා සුදුසුකම් සම්පුර්ණ කළ ඔහු, යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක පැය 24ක කාලයක් තුල කිලෝ මිටර් 188.13ක දුරක් දිවීමෙන් මීට පෙර තබා තිබූ ගිනස් ලෝක වාර්තාව බිඳදමමින්, පැය 24ක කාලයක් තුල කිලෝ මීටර් 190.55ක් ධාවනයේ යෙදීමට සමත් විය.
යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක පැය 48 ක කාලයක් තුල කිලෝ මිටර් 316.7ක දුරක් දිවීමෙන් රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික), නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා ඊයේ (2026 මාර්තු 22) උදෑසන 1000 පැය වන විට මෙලෙස සුදුසුකම් ලැබීය.
තවද, මෙම ගිනස් ලෝක වාර්තාවන්ට සමඟාමීව, යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක වේගවත්ම කිලෝ මිටර් 100යය පැය 11යි, විනාඩි 57යි, තත්පර 18කින් නිම කිරීම, සැතපුම් 100යය පැය 20යි, විනාඩි 07යි, තත්පර 42කින් නිම කිරීම සහ කිලෝ මීටර් 300ක් වේගවත් ඇවිදීමේ වාර්තාව පැය 44යි, විනාඩි 40යි, තත්පර 24කින් නිම කිරීම වශයෙන් වාර්තා 03ක් තබා ඇති අතර, එම වාර්තාද ඉදිරියේදී ගිනස් ලෝක වාර්තා ලෙස සලකා බැලීමට යෝජිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart