
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දැඩි වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස, විශ්‍රාමික වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ප්‍රකාශ කර ඇත්තේ, එම වෛද්‍යවරුන් සේවයේ නිරත ව සිටියදී ඔවුන් භුක්ති විඳි සියලු වරප්‍රසාද ලබාදෙමින් ඔවුන් යළි සේවයට කැඳවීමට අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇති බවයි.
විශ්‍රාමික වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත මෙලෙස බඳවාගැනීමට නියමිත වන අතර, රජයේ රෝහල්වල පවතින විශාල වෛද්‍යවරුන්ගේ හිඟය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බව ඔහු සඳහන් කර ඇත.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගිය දිනක ප්‍රකාශ කර ඇත්තේ, වෛද්‍ය වෘත්තිකයන් සංක්‍රමණය වීම හේතුවෙන් විශාල පුරප්පාඩු පවතින ගාල්ල කරාපිටිය වැනි රෝහල්වල සේවය කිරීමට විශ්‍රාමික වෛද්‍යවරුන් වහා නැවත කැඳවිය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart