
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට සිය මිත්රශීලීත්වය පෙන්නුම් කිරීමට වඩාත් සුදුසු අවස්ථාවක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ, වර්තමානයේ ඉන්දියාව සහ පකිස්තානය අතර උද්ගතවී ඇති අර්බුධය සමථයකට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාවට ද මැදිහත්වීමේ හැකියාවක් පවතින බවයි.
අතීතයේ ද එවැනි සිදුවීම් සඳහා සාක්ෂි පවතින බවත් මාලදිවයිනේ අර්බුද, ඉන්දු – බංග්ලාදේශ මත ගැටුම්, නේපාල – ඉන්දියා මත ගැටුම් උද්ගත වූ අවස්ථාවලදී ශ්‍රී ලංකාව ඒ සඳහා මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත් වූ බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එබැවින් ඉන්දියාව සහ පකිස්තානය අතර අර්බුධයක් උද්ගත වී ඇති මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ අපක්ෂපාතී මිත්‍රත්වය පෙන්නුම් කිරීමට විදේශ අමාත්‍ය විජිත හේරත්ට අවස්ථාවක් උදා වී ඇති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඉන්දියාව සහ පකිස්තානය අතර ක්‍රිකට් තරග පැවැත්වීමට නොහැකි අවස්ථාවලදීත් එම තරග මෙරට තුළ පැවැත්වූ බවත්, එබැවින් ශ්‍රී ලංකාවේ මිත්රශීලීභාවය උපයෝගී කර ගනිමින් දෙරටේ නියෝජිතයින් එක් කර සාකච්ඡාවකට මග පෑදීමට ශ්‍රී ලංකාවට අවස්ථාව පවතින බවත් ඔහු පැවසීය.
දෙරට අතර ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා සාකච්ඡා මාර්ගයක් වෙනුවෙන් පදනම සකස් කර දීම විදේශ අමාත්‍යවරයාට සිදු කළ හැකි බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart