
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට පුරවැසියන්ගේ චංචල හා නිශ්චල දේපල පිලිබඳ විස්තර ලබන ජූලි පළමුවැනිදා සිට දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට අනිවාර්යෙන්ම ලබාදිය යුතු වන බවට ගැසට් පත්‍රයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළද, එය නව නීති පැනවීමක් නොවන බවත්, ආදායම් බදු නීතියේ 123 (8) වගන්තිය අනුව ආදායම් බදු දෙපාර්තමේන්තුවට තෙවැනි පාර්ශවයකින් තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය ක්‍රියාත්මක කිරිමක් පමණක් මෙමගින් සිදුවන බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
එමෙන්ම මෙම නීති රීති කිසිවිටෙකත් අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක නොකරන බවද රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කරයි.
මෙම චක්‍රලේඛය මගින් සිදුවන්නේ අක්‍රියව පැවති නීතියක් යළි ක්‍රියාත්මක කිරීම බවත්, ඒ අනුව පසුගිය මාර්තු 21 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම පිළිබඳ නිවේදනය මැයි මස 21 වැනි දින දේශිය ආදායම් කොමසාරිස්වරිය විසින් නිකුත් තළ බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
ඒ අනුව ජුලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍යයෙන් ආදායම් පිළිබඳව කටයුතු සිදුවන ආයතන වන ඉඩම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව, කොටස් වෙළඳපොළ, බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආදී ආයතන තමන්ගේ එදිනෙදා සිදුවන ගනුදෙනු පිළිබඳව තොරතුරු දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවට දැනුම් දිය යුතු බවද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වාදෙයි.
ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම ලබන රටක් බවට පත් වී ගැඹුරු ප්‍රපාතයනට වැටීමට මෙවැනි නීති මෙතෙක් ක්‍රියාත්මක නොවීම බලපෑ බව සඳහන් කරන රාජ්‍ය ඇමැතිවරයා, එසේම මෙරට බදු ආදායමින් 20% ක් සෘජු බදු වී සමස්ත සමාජයේ සාමාන්‍ය පුංචි මිනිසාට පවා පැනවෙන වක්‍ර බදු ප්‍රමාණය 80% ක් බවට පත්වීමටත් මෙම කරුණු බලපෑ බවද සඳහන් කරයි.
සමාජය පීඩාවට පත්ව සිටින මොහොතක අතීතයට ගොස් තොරතුරු සොයා බලා මෙම නීතී ක්‍රියාත්මක කර ජනතාව තවදුරටත් පීඩාවට පත්කිරීමේ කිසිදු අදහසක් නොමැති බවත්, ආදායම් බදු ගෙවිය යුතු එහෙත් විවධ උපක්‍රම යොදා ඒවා නොගෙවා සිටින අයගෙන් නිසි පරිදි බදු අයකර ගැනීමත් මෙමගින් අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart