
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ආර් ප්‍රේමදාස පිටියට ඇදහැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ තරගය අතිරේක දිනයට රැගෙන යෑමට විනිසුරුවරු තීරණය කළහ.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර 24.1කදී කඩුලු 2ක් දැවී ලකුණු 147ක් ලබා සිටියදී පස්වරු 4.52ට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.
එක්වරම ඇදහැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් වැහි ආවරණ රැගෙන ඒමට පෙර පිටියේ සැලකිය යුතු කොටසක් තෙතබරිත වී අවසන්ය.
පස්වරු 7 පමණ වන විට වැස්ස මදක් තුරල් වූ අතර පිටිය ක්‍රීඩා කළ හැකි මට්ටමට ගෙන ඒම සඳහා ක්‍රීඩාංගන කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් ගන්නා අයුරු දක්නට ලැබුණි.
පස්වරු 8.20ට පිටිය පරීක්ෂා කළ විනිසුරුවරු පන්දුවාර 34 දක්වා අඩු කර තරගය පස්වරු 9ට යළි ආරම්භ කිරීමට තීරණය කළහ.
නමුත් ඉන් මිනිත්තු කිහිපයකින් පසු යළි දැඩි වර්ෂාවක් ආරම්භ විය.
තරග අතිරේක දිනය වෙත රැගෙන යෑමට එහිදී තීරණ කෙරුණි.
ඒ අනුව හෙට පස්වරු 3ට තරගය අද නතර කළ ස්ථානයෙ සිට යළි ආරම්භ වනු ඇත.
ඉන්දියාව සිය ඉතිරි පන්දුවාර 25.5 ක්‍රීඩා කරන ඇති අතර පාකිස්තානයට ද පන්දුවාර 50 ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වේ.
කෙසේ වෙතත් හෙට දිනයේදී ද වර්ෂාව ලැබීමේ ඉහළ සම්භාවිතාවක් ඇතැයි කාලගුණ අංශ අනාවැකි පළ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart