
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලාඕසයේ ජලයෙන් පිරී ගිය ගුහාවක් තුළ සතියකට ආසන්න කාලයක් සිරවී සිටින පුද්ගලයින් හත් දෙනෙකු බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් කාලය සමඟ සටනක නිරත වෙමින් සිටිති.
එරට Xaysomboun පළාතේ වෙසෙන පිරිසක් වන මෙම පුද්ගලයින් පිරිස රන් සහ වන සතුන් සෙවීම සඳහා පසුගිය බදාදා මෙම ගුහාව තුළට ඇතුලු වී තිබිණි.
කෙසේ වුවද, අධික වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් ගුහාවේ දොරටුව අවහිර වීම නිසා ඔවුන්ට ඉන් පිටතට පැමිණීමට නොහැකි වී තිබේ.
මුදා ගැනීමේ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර ඇති දර්ශනවලින් පෙනී යන්නේ, සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යට වී ඇති පටු, මඩ සහිත මාර්ග ඔස්සේ කිමිදුම්කරුවන් ගුහාව තුළට ඇතුලුවන ආකාරයයි.
පසුගිය 2018 වසරේදී තායිලන්තයේ ගුහාවක ගැඹුරින් සිරවී සිටි නව යොවුන් පාපන්දු කණ්ඩායමක් බේරා ගැනීමේ අතිශය දුෂ්කර මෙහෙයුමට දායක වූ විශේෂඥයින් කිහිපදෙනෙකු ද මෙම බේරා ගැනීමේ මෙහෙයුමට සහාය වෙමින් සිටිති.
වාර්තාවලට අනුව, ගුහාවෙන් බේරී ඒමට සමත් වූ එක් අයෙකු විසින් එහි තවමත් සිරවී සිටින අනෙක් පිරිස පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඇත.
ලාඕසයේ මහජනතාව වෙනුවෙන් වූ ස්වේච්ඡා බේරා ගැනීමේ සංවිධානයේ නායක බුන්කාම් ලුඇන්ග්ලත් විදෙස් ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, රන් නිධි සෙවීම සඳහා ගම්වැසියන් නිතර මෙම ගුහාවට යන එන බවයි.
පොළොව යට ගැඹුරට විහිදෙන මෙම ගුහා පද්ධතිය අතිශයින්ම පටු වන අතර, එහි ඇති සමහර කුටිවල පළල සෙන්ටිමීටර 50ක් පමණක් වන බව සහන සේවකයෝ පවසති.
සහන කණ්ඩායම් මේ වන විට ගුහාව තුළ ඇති ජලය පොම්ප කර ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිති.
සඳුදා දිනයේදී ගුහාවේ ඉදිරිපස තිබූ ගල් කිහිපයක් ඉවත් කිරීමට ඔවුන් සමත් වූ අතර, ඒ හරහා එහි ගැඹුරු කොටස් නිරීක්ෂණය කිරීමට ද හැකි විය. කෙසේ වුවද, ජල මට්ටම දිගින් දිගටම ඉහළ යාම හේතුවෙන් තවදුරටත් ඉදිරියට යාමට නොහැකි වී ඇති බව සහන සේවකයෝ වැඩිදුරටත් පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart