November 13, 2026

බගවන්තලාව වතු සමාගමට අයත් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආතඩ් වත්ත ප්‍රදේශයේ දී කොටියෙකු මද්දකට හසුව සිටියදී සොයා ගෙන තිබේ.

මේ පිළිබඳව නල්ලතන්නිය වනජීවී කාර්යාලයට ලද තොරතුරු මත වනජීවී නිලධාරීන් කඩිනමින් එම කොටියා මුදවා ගැනීමේ කටයුතු ආරම්භ කළ අතර එම ස්ථානයට රැස්ව සිටි ජනතාව ඉවත් කර කොටියා කළබල වීමට ඇති ඉඩකඩ අවම කර පසුව රන්දෙනිගල පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍යවරයා ඇතුළු වනජීවී නිලධාරීන් පැමිණ සත්වයා මද්දෙන් මුදවාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා රන්දෙනිගල පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස් ඇත.

මේ වන විට කොටියා සාමාන්‍ය පරිදි ආහාර ලබාගන්නා බවත් දින කිහිපයක් රඳවාගෙන අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නිජබිම වෙත මුදාහැරීමට කටයුතු කරන බවත් රන්දෙනිගල ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී අකලංක පිණිදිය ප්‍රකාශ කළේය.