
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අභ්‍යන්තර ගැටළු වාර්තා වීම නිසා ජාතික ජන බලවේගය (NPP) සහ සමගි ජන බලවේගය (SJB) තම ජනාධිපති අපේක්ෂකයන් සුපුරුදු කාලසීමාවට වඩා බොහෝ කලකට පෙර එළිදැක්වීමට පෙළඹී ඇති බව දැනගන්නට තිබේ.
ඕනෑම දේශපාලන පක්ෂයක් මැතිවරණ කාලසීමාව ආසන්නයේදී සිය අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම සිරිතක් වුවද, ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා ප්‍රකාශ කළේය.
අනුර දිසානායකගේ මෙම නිවේදනය සිදුවන්නේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දෙස බලා සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාවීමට සමගාමීවය. කෙසේවෙතත් ආචාර්ය හරිනි අමරසූරිය ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදුකර නොතිබිණි.
කෙසේ වෙතත්, එම වාර්තා ජාජබ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අභ්‍යන්තර මතභේද පවතින බවට වන මහජන මතයක් ඇති කිරීමට හේතු විය.
ඒ අතර අනුර දිසානායක ඉදිරිපත් වී එම කුකුසට තිත තබමින් තම සැලසුම ප්‍රකාශ කළේය.
මේ අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසද කඩිනමින් සිය ජනාධිපතිධුර අපේක්ෂකත්වය ප්‍රකාශ කරනු ඇතැයි වාර්තා සඳහන් කරයි.
ඊට හේතුවී ඇත්තේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වැනි මන්ත්‍රීවරුන් ජනාධිපති අපේක්ෂකයන් බවට පත්වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමයි.
කෙසේවෙතත්, මීළඟ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සමඟ ඇති විය හැකි කිසිදු සන්ධානයක් පිළිබඳ අදහස සජබ නායකයා ප්‍රතික්ෂේප කර තිබේ.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ප්‍රධාන මැතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද සිය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා සාමාජික ප්‍රවර්ධන ව්‍යාපාරයක් දියත් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද නැවත ජනාධිපතිධුරයට පත්වීමට අකමැත්තක් නැති බව ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart