
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවලගේ මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදු වූවක් බව ඊයේ (31) තීන්දු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ, ඒ අනුව ලලිත් කොතලාවලගේ මරණ සහතිකය ඔහුගේ ඥාතීන් වෙත භාරදෙන ලෙස අධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝගයක් නිකුත් කළේය.
ලලිත් කොතලාවලගේ මරණයට හේතුව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේ අධිකරණ වෛද්‍ය රාජපක්ෂ විසින් ඉකුත් 22 දා අධිකරණයට භාරදෙනු ලැබූ කොතලාවලගේ මරණ පරීක්ෂණ වාර්තාව, රජයේ රස පරීක්ෂක වාර්තාව සහ සාක්ෂිකරුවන්ගේ ගත් සාක්ෂි සැලකිල්ලට ගනිමිනි.
ලලිත් කොතලාවලගේ මරණය සැකසහිත බවට ඔහුගේ බිරියගේ සහෝදරිය වන ෂෙරින් පේෂන් විජේරත්න යන අය බම්බලපිටිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මේ නඩුව අධිකරණය හමුවේ කැඳවිණි.
ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණයට අදාළව ඔහුගේ බිරියගේ සහෝදරිය වන ෂෙරින් පේෂන් විජේරත්න, ඔහු යටතේ සේවය කළ සේවක සේවිකාවන් කිහිපදෙනකු ඇතුළු අටදෙනකු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණය හමුවේ සාක්ෂි දුන්හ.
මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ලලිත් භූපේන්ද්‍ර කොතලාවල අභාවප්‍රාප්ත වූයේ ඉකුත් 2023 වසරේ ඔක්තෝම්බර් 21 දාය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය අතර, ඒ වන විට ඔහු 84 වියෙහි පසු වූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart