
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී තම කණ්ඩායම ඉන්දියාව හමුවේ කඩුලු 10ක පරාජයක් ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක කනගාටුවට පත්ව සිටී.
ශ්‍රී ලංකාව ලකුණු 50කට දැවී ගිය අතර ඉන්දියාව පන්දුවාර 6.1කදී එම ඉලක්කය සාර්ථකව පසුකර ගියේය.
“සිරාජ් විශිෂ්ට ලෙස පන්දු යැව්වා. එය පිතිකරුවන් සඳහා හොඳ තණතීරුවක් වනු ඇතැයි මම හිතුවා. නමුත් වළාකුළු තිබුණ කාලගුණය අපිට වාසිදායක උණේ නැහැ. එකේ අපිට අමාරු දවසක්. අපි අපගේ තාක්ෂණය වැඩිදියුණු කරගත යුතුයි. මෙවර තරගාවලියේදී යහපත් කාරනා රැසකුත් තියෙනවා. අසලංක, සධීර සහ කුසල් දඟ පන්දුවලට එරෙහිව හොඳින් පන්දුවට පහර දුන් ආකාරය. මේ තුන්දෙනා ඉන්දියාවේදී(ලෝක කුසලානයේදී) හොඳ පිතිකරණයක යෙදී, විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගනී කියල හිතන්න පුළුවන්. දුෂ්කර තත්වයන්ගෙන් මිදෙන ආකාරය අපි දන්නවා.” යැයි දසුන් ශානක පවසයි.
ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් කලකිරීමට පත්කිරීමට සිදුවීම සම්බන්ධයෙන් කණගාටු වන බවද දසුන් ශානක වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart