March 13, 2026

කෙටි කාලයක් තුළ ඉතා වේගයෙන් රුපියලේ අගය දෝලනය වන බව දැකගත හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ඒ හමුවේ සිදු කළ යුතු වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් ආනයනය කර අනවශ්‍ය ලෙස රුපියල රටින් පිටතට ගලා යාම පාලනය කිරීම බව ඔහු පැවසුවේය.

එමෙන්ම ජාත්‍යන්තරයේ පවතින අර්බුද හමුවේ රටක් ලෙස අපට ආර්ථිකය තුළ පාලනය කළ නොහැකි තත්වයන් පවතින බවත් තෙල් මිල ද එවැන්නක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඔහු පැවසුවේ ඉදිරියේදී ලෝක වෙළඳපළේ තෙල් මිල බැරලයක් ඩොලර් 150 කට පමණ ළඟාවිය හැකි බවට කටාරය මේවනවිටත් අනතුරු අඟවා ඇති බවයි.

එබැවින් ඒ සඳහා මුහුණදෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පූර්ව සැලසුම් සිදු කළ යුතු බවත්, එහිදී පවතින තොග ආරක්ෂා කිරීම මෙන්ම මිල ආරක්ෂා කිරීම වැදගත් බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.