
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) ණය වැඩසටහන නියමිත කාලසීමාවෙන් පසුව තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය ගෙන ඇති තීරණය ප්රතිපත්තියක් ලෙස යහපත් වුවත්, එහි අවසාන ප්රතිඵලය රටට හිතකර වේදැයි සැකයක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක, පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක පවසයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දෙන්නේ නිවැරදි ඉලක්කයක් නොමැතිව රටක් ඉදිරියට ගමන් කිරීම ඉතාමත් අවදානම් සහගත බවයි.
IMF ලබා දී ඇති ආර්ථික ඉලක්ක සපුරා නොගෙන එම වැඩසටහනින් ඉවත් වීම කිසිසේත්ම සුදුසු නොවන බව ද ඔහු පැවසුවේය.
එමෙන්ම මන්ත්රීවරයා කියා සිටියේ අදාළ ඉලක්ක සපුරාලීමට අපොහොසත් වුවහොත්, ඉදිරියේදී රට මුහුණ දෙන ආර්ථික පීඩනය සහ අභියෝග තවදුරටත් උග්ර විය හැකි බවයි.
එබැවින්, ජාත්යන්තර සහයෝගය සහ පැහැදිලි ඉලක්ක සහිත ගමනක් රටේ අනාගතයට අතිශය වැදගත් බැවින්, IMF සහයෝගය ඇතිව තවදුරටත් ඉදිරියට යා යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart