August 8, 2026

2026 වසරේ ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත මුදල් ප්‍රතිපත්ති රාමු ගිවිසුමේ නීත්‍යානුකූල සමාලෝචනය සඳහා කල්තබා සූදානම් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ඔහු පවසන්නේ එම සමාලෝචනය තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇති බවයි.

2023 අංක 16 දරන මහ බැංකු පනත ප්‍රකාරව, මුදල් ප්‍රතිපත්ති රාමු ගිවිසුම (Monetary Policy Framework Agreement) පිළිබඳ අනිවාර්ය ව්‍යවස්ථාපිත සමාලෝචනය 2026 ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට නියමිතව තිබේ.

රජයට සිය මුදල් ප්‍රතිපත්ති උපායමාර්ග ප්‍රතිශෝධනය කිරීම සඳහා නිල අවස්ථාවක් හිමිවන බැවින් මෙම ලිපිය යොමුකළ කාලවකවානුව ඉතා වැදගත් වේ.

ඒ අනුව මෙම සමාලෝචනය ආර්ථිකයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් විය යුතු බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ආයෝජන ප්‍රවර්ධනය කරන, විදේශ විනිමය සංචිත ශක්තිමත් කරන, අපනයන තරඟකාරීත්වය ඉහළ නංවන සහ රැකියා උත්පාදනයට රුකුල් දෙන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට එය යොදාගත යුතු බව ද යෝජනා කළේය.