September 29, 2026

සෞදි අරාබියේදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් අනෝජන් පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම පුද්ගලයාට සහනයක් ලබාදීම සඳහා රජය සහ ජනාධිපතිවරයා කඩිනමින් මැදිහත් විය යුතු බවයි.

කිසියම් ප්‍රකාශයක් හේතුවෙන් අසීරුතාවකට පත්ව සිටින එම ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත්වී සහනයක් ලබාගැනීමට හැකියාවක් පවතින බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසක් රැකියා සඳහා විදේශගත වන පසුබිමක, ඔවුන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.