
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදවලදී බලධාරීන් ජනතාවට පිළිතුරු ලබා දිය යුතු වන්නේ ප්‍රායෝගිකව මිස ආර්ථික විශේෂඥයින්ගේ ප්‍රකාශ ඔස්සේ නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ පාර්ලිමේන්තුව තුළ ද සිහිබුද්ධියෙන් කටයුතු කරන පිරිසක් සිටින බව බලධාරීන් මතකයේ තබා ගත යුතු බවයි.
ඔවුන්ට ආර්ථික ක්ෂේත්රය සම්බන්ධයෙන් අත්දැකීම් මෙන්ම වෘත්තීය පදනමක් තිබෙන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
මහ බැංකුවට වගකීමෙන් සහ වගවීමක් සහිතව කටයුතු කිරීමට අවස්ථාවක් ලබා දිය යුතු බවත්, මහ බැංකුවේ කාර්යය වන්නේ උද්ධමනය පාලනය කිරීම පමණක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම රවී කරුණානායක මන්ත්‍රීවරයා පැවසුවේ ආර්ථික වර්ධන වේගය සහ විරැකියාව තුරන් කිරීම, පොලි අනුපාත අඩු කර ව්‍යාපාර ශක්තිමත් කිරීම ද එහි කාර්යයන් විය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart