
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාහන ආනයනය බදු මත පනවා ඇති අධිභාරය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළකළේය.
ජනමාධ්‍ය හමුවකදී අදහස් පළකරමින් මන්ත්‍රීවරයා පැවසුවේ, 2024 අගභාගයේදීත් මෙවැනි තත්වයක් උද්ගත වුවද එවක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වාහන ආනයන සීමා සම්බන්ධයෙන් තීන්දු ගනු ලැබුවේ ආර්ථිකය සම්බන්ධයෙන් හොඳින් විමසා බලා බවයි.
ඔහුගේ අපේක්ෂාව වූයේ රුපියල ශක්තිමත් කිරීම බව පැවසූ මන්ත්‍රීවරයා ඉන් අනතුරුව ජනතාවට වාහන මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබාදීම බවයි.
නමුත් ඊට සාපේක්ෂව වර්තමාන තත්වය සලකා බැලීමේදී මෝටර් රථ 65,000 ක් පමණ ආනයනය කර ඇති බවත්, යතුරු පැදි ලක්ෂ 10 ක් පමණ ආනයනය කර ඇති බවත්, නමුත් 293 අගයකට තිබූ රුපියල 340 දක්වා පැමිණ දෝලනය වෙමින් පවතින බව ද ඔහු පැහැදිලි කළේය.
මෙම තත්වය රටේ තොග ණයට ගැටලුවක් මතු කර ඇති බව පෙන්වා දුන් මන්ත්‍රිවරයා එය රටේ ජනතාවගේ ජීවන වියදමට ද බලපෑම් කර ඇතැයි පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart