January 17, 2026

රටක වියදම් පාලනය කිරීම සහ සංවර්ධනය සිදු කිරීම විපක්ෂයේ සිටියදී දක්වන අදහස් තරම් සුන්දර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

රූපවාහිනි නාලිකාවක් ඔස්සේ විකාශය වූ කාලීන වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ වත්මන් ආණ්ඩුව ඒ බව වටහා ගත යුතු බවයි.

වත්මන් රජය ඉදිරියට ගෙන යන්නේ එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය ප්‍රගතිශීලී ගමන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ වත්මන් ඒ හමුවේ තමන් වත්මන් ආණ්ඩුව අගය කරන බවයි.

එදා විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයට දොස් පැවරූ වත්මන් ආණ්ඩුව වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ ගමන් මාර්ගය අනුගමනහ කිරීම සතුටුදායක බව ද ඔහු පැවසුවේය.