
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදෙස් ණය මුදලක් ගෙවීමේදී අදාළ මුදල් හැකර්වරුන්ගේ ගිණුමකට යොමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන පසුබිමක් තුළ ඊට සමගාමීව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා එම තනතුරෙන් ඉල්ලා අස්විය යුතුද යන්න සම්බන්ධයෙන් පවතින කතාබහ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශනය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රාජ්‍ය ආයතනයක ගැටලු මතුවන සෑම අවස්ථාවකදීම එහි ඉහළ පෙළේ නිලධාරීන් තනතුරුවලින් ඉවත් කිරීම හෝ ඔවුන් ඉල්ලා අස්වීම සිදුවුවහොත් එම තනතුරුවල රාජකාරී සිදු කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ගැටලු මතුවන බවයි.
එවැනි ක්‍රියා සෑමවිටම ප්‍රායෝගික නොවන බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
තමන් ද එවැනිම අමිහිරි අත්දැකීම්වලට මුහුණ දී ඇතැයි පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කියා සිටියේ එවැනි සිදුවීම් යළි යළිත් සිදුවිය යුතු නොමැති බවයි.
එවැනි ණය ගෙවීමේ ක්‍රියාපටිපාටියකදී අවසන් ගනුදෙනුවේදී හුදෙක් අත්සන තැබීමෙන් පමණක් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ කාර්යයභාරය අවසන් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා ඔහුට ඒ සම්බන්ධයෙන් වගකීමක් පවතින බව ද පෙන්වා දුන්නේය.
එහෙත් ඔහු පැවසුවේ ඉන් අනතුරුව එය මහ බැංකුව වෙත ද යොමුවන බැවින් එවැනි ගනුදෙනුවක වගකීම මහ බැංකුව වෙත නැතහොත් මහ බැංකු අධිපතුවරයා වෙත ද පැවරෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart