
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටින ශ්‍රී ලංකාව එළඹෙන දෙසැම්බර් මාසයෙන් අනතුරුව ආර්ථිකය ඉදිරියට රැගෙන යන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එහිදී රට ඉදිරියට ගෙන යන්නේ ලාංකික ආකෘතියකට ද නැතහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආකෘතියකට ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව පිළිතුරු ලබා දිය යුතු බවයි.
”දෙසැම්බර් 31 වනදායින් පසුව ගමන කොයි ආකාරයෙන් ද යන්න තියෙන්නේ, මේක ලාංකික මොඩ්ල් එකක් ද? නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එදා තිබ්බ ගිවිසුමේ කොටසක් ද? නැත්නම් රනිල් වික්‍රමසිංහයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි එකතු කරපු රටක් වර්ධනය කරන වැඩපිළිවෙලක් ද කියන එකට උත්තර දෙන්න ඕනේ. දැන් මේ ජනවාරි මාසෙ ඉඳන් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ කියන තේමාව තුළ ඇතිවෙන ගමනක් ආරම්භ වෙනව ද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ.” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart