
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම වෙළඳපලේ පවතින ඒකාධිකාරිය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ලොව රටවල් අතරින් නිවසක් මිලදී ගැනීමට අපහසු නගර අතරට කොළඹ නගරය ද එක්වීමට බලපා ඇති එක් හේතුවක් වන්නේ මෙම ගොඩනැගිලි ද්‍රව්‍යවල පවතින ඉහළ මිල පරාසය බවයි.
මෙරට නිවසක් ඉදිකිරීමේදී දැරිය යුතු අධික වියදම ද ඉන් නිරූපණය වන බව මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ බලධාරීන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බව සහ ගොඩනැගිලි ඉදිකිරිම් ද්‍රව්‍ය වෙළඳපලේ පවතින ඒකාධිකාරිය බිඳ දැමීමට කටයුතු කළ බවද ඔහු අවධාරණය කළේය.
කලාපයේ අනෙකුත් රටවල් වන ඉන්දියාව, චීනය සහ මැලේසියාව වැනි රටවල් සමග සසඳා බැලීමේදී මෙරට ගොඩනැගිලි ඉදිකිරීමේදී වැයවන ඉහළ පිරිවැය මනාව නිරූපණය වන බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart