
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර තමාගේ කට කපන බවට තර්ජනය කළේ යැයි පවසමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගමගේ කාන්තා කටයුතු, පෙරපාසල් හා රූපලාවන්‍ය ක්ෂේත්‍ර කටයුතු සම්බන්ධිකරණ ලේකම්වරිය පේරාදෙණිය පොලිසියට ඊයේ (29) පැමිණිල්ලක් කළාය.
යම් දෙයක් පවසා ඇතැයි දැනගන්නට ලැබුණු හෙයින් එය සත්‍යයක් නම් නිවෙසටම පැමිණ කටේ සිට කණ දක්වා කපාදමන බවට ඔහු දුරකතනයෙන් තර්ජනය කළ බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
නිවෙසටම පැමිණ කට කපන බවට තර්ජනය කළ නිසා තමාගේ ආරක්ෂාව වෙනුවෙන් පේරාදෙණිය පොලිසියේ පැමිණිල්ලක් කළ බව දිලුම් අමුණුගමගේ කාන්තා කටයුතු සම්බන්ධීකරණ ලේකම් තක්ෂිලා සෙනෙවිරත්න පැවැසුවාය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවැසුවේ, මෙවැනි සිද්ධියක් ජේවීපී භීෂණ ඇති සමයේ වුණා නම් කට කපනු ඇති බවයි.
තමා තර්ජනය නොකළ බවද ඔහු වැඩිදුරටත් කීවේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart