July 7, 2024

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ලේ පැවති එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

“ජනාධිපති රනිල්වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය පිළිබඳව ජනතාව තුළ සැකයක් පවතින බව පෙනෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බැවින් කිසිවකු ඒ සම්බන්ධයෙන් සැකයක් තබා නොගත යුතු නැහැ” යනුවෙන් රුවන් විජේවර්ධන එහිදී සඳහන් කළේය.