July 21, 2023

ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වී තිබේ.

අගමැති මෝදි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිල්ලි නුවර පිහිටි හයිද්‍රාබාද් මන්දිරයේදී උණුසුම් ලෙස පිළිගෙන ඇති අතර, අනතුරුව සාකච්ඡා ආරම්භ කෙරුණු බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශ නිල ප්‍රකාශක අරින්දම් බගාචි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය මේ වසරේ සමරන බැවින්, දීර්ඝ කාලීන සබඳතා සමාලෝචනය කිරීමට සහ තවදුරටත් වේගවත් කිරීමට මෙය වැදගත් අවස්ථාවක් වන බවයි.

42.31%
17.27%
32.76%