
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේ සිය ප්රචාරක කටයුතු සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙහෙයුම් කමිටුවක් පත්කර තිබේ.
දැනට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන, සිරිකොත විධායක අධ්යක්ෂ ශාමල් සෙනරත් සහ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ක්‍රිෂාන් තියඩෝර් යන පිරිසයි.
දැනට රනිල් වික්‍රමසිංහට සහාය දක්වන අනෙකුත් දේශපාලන පක්ෂ සම්බන්ධීකරණය කිරීම සහ ප්රචාරක කටයුතු මෙහෙයවීම රොනල්ඩ් පෙරේරා කමිටුවට පැවරී ඇති ප්‍රධාන කාර්යය වේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිවරයා තම මැතිවරණ ව්‍යාපාරය බලමුළු ගැන්වීම සඳහා සුදුසු ස්ථානයක් සොයාගන්නා ලෙස කමිටුවට උපදෙස් දී ඇති අතර ප්රචාරක කටයුතු සඳහා කළමනාකරණ සැලැස්මක් සකස් කරන ලෙස ද උපදෙස් ලබා දී ඇත.
එම කමිටුව සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීම සඳහා තවත් කණ්ඩායම් කිහිපයක් ද ජනාධිපතිවරයා විසින් පත්කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart