April 5, 2024

ජනපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර තවත් සාකච්ඡාවක් සිදුව තිබේ.

ඊයේ පස්වරුවේ එම සාකච්ඡාව කොළඹදී සිදුව ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන ආකාරයට, එහිදී ඉදිරි දේශපාලන කටයුතු හා මැතිවරණ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක්ව ඇත.

බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර මීට පෙර සාකච්ඡා දෙකක් පැවැති අතර, එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡාවට ලක්ව තිබේ.