
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ අරුණ ශ්‍රී වරුෂහැන්නදිගේ යන අය එළඹෙන ජූලි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
2023 වර්ෂයේ දී ඩුබායි රාජ්‍යයේදී ‘හරක් කටා’ නමැති පාතාල නායකයාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් රුපියල් කෝටි 50ක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර එම මුදලින් අත්තිකාරමක් වශයෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ලවී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක්කටා’ යන අය පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, සැකකරුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමුකර දීම සඳහාත්, විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාළ කටයුතුවලින් නිදහස් කරදීම සඳහාත්, අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් මෙම අල්ලස ලබාගෙන ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart