July 3, 2026

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ ලෙස හඳුන්වන නඳුන් චින්තක වික්‍රමරත්නට සම්බන්ධ අල්ලස් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ අරුණ වරුණහෙන්දිගේ යන තිදෙනා ලබන ජූලි 17 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම සැකකරුවන් තිදෙනාව අත්අඩංගුවට ගෙන තිබිණි.

මීට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් අද (ජූලි 3) දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි අතර, අද දින නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.