
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් තමාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය සංශෝධනය කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම ජූලි 30 වන දින සලකා බැලීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම පෙත්සම අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ ඉදිරියේ කැඳවන ලදී.
ඇප ප්‍රතික්ෂේප කරමින් අදාළ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුවේ පිටපතක් මහාධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට තමාට නොහැකි බව මහාධිකරණ විනිසුරුවරිය නිරීක්ෂණය කළාය.
ඒ අනුව, පෙත්සමට අදාළ කරුණු ඉදිරිපත් කිරීමට පෙර අදාළ නියෝගය ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරිය රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නට උපදෙස් දුන්නාය.
ඉන් පසු, පෙත්සම තවදුරටත් සලකා බැලීම ජූලි 30 වැනි දින දක්වා කල්තබන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart