May 13, 2023

අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් අරලියගහ මන්දිරයේ සංවිධාන කළ විශේෂ උත්සවයකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නද සහභාගී වී තිබේ.

අගමැති මාධ්‍ය අංශය ප්‍රකාශ කරන ආකාරයට අන්තර්ජාතික හෙද දිනය නිමිත්තෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය 2023.05.12 දින අරලියගහ මන්දිරයේ සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයට මෙලෙස රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාද එක්ව ඇත.

සෞඛ්‍ය ඇමැතිධූරය ලබාගනිමින් ආණ්ඩුවට එක්වීමට සැලසුම් කරන බවට රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට සමගි ජන බලවේගයෙන් චෝදනා එල්ලවී තිබේ.

මෙම උත්සවයේදී ශ්‍රී ලංකාවේ හෙද සේවය වෙනුවෙන් සිදුකළ මෙහෙවර ඇගයීම සඳහා පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට සමරු තිළිණයක් පිරිනමා ඇත.

මෙහිදී ‘ෆ්ලෝරන්ස් නෛයිටින්ගේල් මැතිනියට පුෂ්පෝපහාර දැක්වීමද සිදු කළ අතර, හෙද විශ්වවිද්‍යාල ඇති කිරීමට දැක් වූ දායකත්වය ඇගයීම වෙනුවෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන වෙත සමරු තිළිණයන් ප්‍රධානය කිරීමද සිදුකළ’ බව අගමැති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

(සේයාරුව kubiyonews)