
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ පහරදීමකින් තම පියාගේ පාදයක් බිඳී ඇතැයි පවසමින්, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂගේ පුත්‍රයා අද කොටුව පොලිසියට පැමිණිල්ලක් කළේය.
කෙසේවෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත්තේ, තමන් කිසිදු පහරදීමක් සිදු නොකළ බවයි.
ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන දෙදෙනා අතර බහින් බස්වීමක් ඇතිවී තිබිණි..
අද(4) කොටුව පොලිසියට පැමිණිල්ලක් කරමින් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා පවසාඅ ඇත්තේ, සිද්ධියෙන් පසුව රෝහල්ගත කළ තම පියාගේ පාදයේ සැත්කමක්ද සිදුකළ බවයි.
මේ සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් ජනමාධ්‍ය කළ විමසීමක් ඔහු සඳහන් කර ඇත්තේ, තමා කිසි ලෙසකින්වත් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහරදීමක් සිදුනොකළ බවයි.
මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අතරතුර තමන්ට දිගින් දිගටම චෝදනා එල්ල කළ බව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පැවසුවේ ය.
රැස්වීමෙන් අනතුරුව දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වූ බවත්,එය සමතයකට පත්කිරීමට අසළ සිටි පිරිස උත්සහ කිරීමේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා වැටුණු බවත්,අලුත්ගමගේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart