
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වන අලින් දුම්රියවල ගැටීම වැළැක්වීම සඳහා ප්‍රධාන දුම්රිය මාර්ගවල සවිකර ඇති CCTV කැමරා පද්ධතිය පරීක්ෂාවක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සහ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඊයේ (අගෝස්තු 10) සිදුකරන ලද පරීක්ෂණ චාරිකාවට සහභාගීවී තිබේ.
මෙම කැමරා පද්ධතිය මීට මාස දෙකකට පමණ පෙර අලි ඇතුන් නිතර ගමන් කරන අඹන්පොළ-කාසිකෝටේ දුම්රිය උමග අසල මෙන්ම, නිතර අලි-දුම්රිය ගැටීම් සඳහා ප්‍රසිද්ධ ගල්ඔය සහ මින්නේරිය වැනි ප්‍රදේශවල ස්ථාපිත කරන ලදී.
මෙම පද්ධතිය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර සූර්ය පැනල මගින් බලගැන්වේ.
කැමරා මගින් ලබාගන්නා දර්ශන මත පදනම්ව, මාර්ග අසල අලි ඇතුන් ගැවසෙන බව අනාවරණය වූ විට අනුරාධපුරයේ ප්‍රධාන දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථානයට සංඥා යැවීම සඳහා GPS මත පදනම් වූ අනතුරු ඇඟවීමේ පද්ධතියක් ක්‍රියාත්මක කර ඇත.
ඉන්පසු දුම්රිය රියදුරන්ට මාර්ගවල අලි ඇතුන් ගැවසීම පිළිබඳව තත්‍යකාලීනව දැනුම්දෙනු ලබන අතර, එමඟින් ඔවුන්ට පූර්වාරක්ෂාව සඳහා පියවර ගැනීමට ඉඩසලසයි.
මෙම සංචාරය අතරතුර, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසා ඇත්තේ, එක් කැමරාවක් සවිකිරීම සඳහා ආසන්න වශයෙන් රු. 20,000ක් වැයවන බවයි.
පරිත්‍යාගශීලීන් මෙම ව්‍යාපෘතියට දායකවීමට කැමති නම්, දුම්රිය මාර්ග ඔස්සේ අලි ක්‍රියාකාරකම් වැඩි ප්‍රදේශවල වැඩි කැමරා සංඛ්‍යාවක් සවිකිරීමෙන් දෙපාර්තමේන්තුවට පද්ධතිය පුළුල් කළ හැකි බව ඔහු සඳහන් කර ඇත.(Newswire.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart