
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයේ උද්ගතව පවතින තාක්ෂණික බාධාවන් අද(17) උදෑසන සිට මඟහැරී ජනතාවට පහසුවෙන් ඉන්ධන ලබාගත හැකිවනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පැවැසීය.
පවතින ගෝලීය දේශපාලනික අර්බුද හමුවේ මෙරට ඉන්ධන සංචිත සුරක්ෂිත කරගැනීම සහ ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම සඳහා නව QR කේත ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, ලෝක වෙළඳ පොළේ ඇති වී තිබෙන අවිනිශ්චිතතාවයන් හමුවේ රටක් ලෙස ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය වී ඇති බවයි.
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලොව බොහෝ රටවල් සිය ඉන්ධන පරිභෝජනය සීමාකිරීමට පියවර ගෙන ඇති බවත්, පාකිස්ථානය වැනි රටවල් දැනටමත් සතියකට දින කිහිපයකට සේවා සීමාකර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඉදිරි මාස කිහිපයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින නමුත්, එම සංචිත අනවශ්‍ය හිඟයකින් තොරව දීර්ඝ කාලයක් පවත්වාගෙන යාම සඳහා ක්රමානුකූල බෙදාහැරීමේ ක්රමවේදයක අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.
ඉන්ධන පිරවුම්හල් අසල අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැලැක්වීම සඳහා QR කේතය හරහා ඉන්ධන ලබාදීමේ වැඩසටහන සතිඅන්තයේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ද එලෙස සති අන්තයක් තෝරාගත්තේ සතියේ දිනවල ජනතාවට සිදුවන අපහසුතාවයන් අවම කිරීමට බව ද අමාත්‍යවරයා පැවසීය.
මීට පෙර පද්ධතියේ පැවති ගැටලු වන වාහන අයිතිය වෙනස්වීම සහ ජංගම දුරකථන අංක පිළිබඳ ගැටලුවලට පිළියම් යොදා ඇති අතර, පද්ධතියෙන් වාහන ඉවත්කිරීමේ (Deregister) පහසුකම ද දැන් වඩාත් විධිමත් කර ඇතැයි අමාත්‍යවරයා කීය.
වාහන අලෙවි කර ඇති පුද්ගලයන්ට සිය ගිණුමෙන් එම වාහන ඉවත් කරන ලෙස ඉල්ලීමක් කළ අමාත්‍යවරයා එවිට අලුතින් මිලදී ගත් පුද්ගලයාට එය ලියාපදිංචි කළ හැකි බව සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් සේවකයන් සහ හිමිකරුවන් පුහුණු කිරීමේ කටයුතු ඊයේ (16)දිනය ඇතුළත අවසන් කිරීමට නියමිතය.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ තාක්ෂණික කණ්ඩායම් දිවා රාත්‍රී වෙහෙස වී ඉතා කෙටි කලකින් මෙම පද්ධතිය යාවත්කාලීන කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, ආරම්භක අවස්ථාවේදී ඇතිවිය හැකි සුළු තාක්ෂණික ගැටලු මඟහරවා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවද තහවුරු කළේය.
ඉන්ධන හිඟයක් පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගනිමින් පෝලිම් නිර්මාණය නොකරන ලෙසත්, රජය විසින් හඳුන්වාදෙන මෙම විධිමත් කළමනාකරණ ක්‍රියාවලියට උපරිම සහයෝගය ලබාදෙන ලෙසත් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart