
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කන්දකාඩු කදවුරෙන් පැනගිය රැදවියෙක් වතුර පමණක් පානය කරමින් දින දෙකක් වන සතුන් ගැවසෙන කැලෑවේ සැඟවී සිටියදී පුලස්තිගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (16) අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු යාපනය කෝපායි පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් තරුණයා තවත් රැඳවියන් දෙදෙනකු සමග පැමිණි බවත්, තිදෙනාම මහවැලි ගඟ ළඟට පැමිණි අවස්ථාවේ ජල පහර වැඩි නිසා දෙදෙනකු ඔහුගෙන් ඉවත්වී ගිය බවත්, රැඳවියා පොලිස් නිලධාරීන්ධ පවසා ඇත.
යහළුවන් දෙදෙනා පිටව ගිය පසු ඔහු මහවැලි ගඟෙන් මෙගොඩට පැමිණි බවත්, බඩගින්නට වතුර බිබී කැලෑවේ සිට යාපනය කෝපායි බලා යෑමට බස් රථයකට ගොඩවීමට පාරට පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට අසුවුණු බවත්, ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
පොලිස් නිලධාර්ක් රැඳවියාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, කදවුරේ සිටින රැඳවියන්ගෙන් අලුතින් කදවුරට එන අයට නිතර නිතරම කරදර ගරහැර සිදුවන නිසා කඳවුරෙන් පැනගිය බවයි.
රැදවියා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart