
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම වසරේ පෙබරවාරි 15 වැනිදා තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නව හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදී, පොලිස් අත්අඩංගුවෙන් පළාගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.
සැකකරු වවුනියාව මහ රෝහලට මාරුකර යැවීමෙන් පසු පොලිස් අත්අඩංගුවේ සිට පළාගොස් ඇත.
සැකකරු ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි කන්දයියා විජයන් හෙවත් අබ්දුල් රහ්මාන් නැමැත්තාය.
තම මිනිබිරිය ගම්මානයෙන් අතුරුදන්ව ඇති බවට දැරියගේ මිත්තණිය තලෙයිමන්නාරම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව අතුරුදන් වූ දැරියගේ සිරුර ඇයගේ නිවසට මීටර් 300ක් පමණ දුරින් තිබියදී පොලිසිය විසින් සොයාගන්නා ලදී.
මියගිය දැරිය දූෂණයට ලක්ව ඇති බවට පොලිසිය සැකකරයි.
සැකකරු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පොලිස් අධිකාරී තලෙයිමන්නාරම – 0718591364, තලෙයිමන්නාරම පොලිස් ස්ථානාධිපති – 0718591370 වෙත තොරතුරු දැනුම් දිය හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart